අධික ශබ්දයෙන් යුතු ශ්‍රවණ උපකරණ භාවිතයෙන් තරුණ පිරිස් ශ්‍රවණාබාධ වලට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බව උගුර, කණ, නාසය පිළිබඳ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය පවසනවා.
ජංගම දුරකථන සහ සංගීතය නිකුත් වන උපකරණ භාවිතයේ දි පැහැදිළිව සවන් දිම සඳහා ශ්‍රවණ උපකරණ උපයෝගි කරගැනීම් බහුලව දක්නට ලැබෙන අතර එය පාලනයක් සහිතව එම උපකරණ භාවිත කිරීම යෝග්‍ය බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, ඇතැම් පිරිස් කන් පිරිසිදු කිරීම සඳහා විවිධ උපකරණ භාවිත කිරීම හේතුවෙන් කණ අභ්‍යන්තරයට හානි සිදුවිය හැකි බවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.