27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඇමතිකම් ගන්න පොහොට්ටුව හා ටෙලිෆෝනය අතර දැඩි තරගයක් ?

ඇමතිකම් ගන්න පොහොට්ටුව හා ටෙලිෆෝනය අතර දැඩි තරගයක් ?

ඉදිරියේදී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී,ඉතිරි වී ඇති අමාත්‍යධුර දහය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලයට තිස් දෙනකු(30) පත්කිරීමට ව්‍යවස්ථානුකූලව ඉඩ ඇතත් දැනට පත්කර ඇත්තේ විසි දෙනෙක් පමණි.

ඉදිරියේ දී සිදු කෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී,අලුතින් අමාත්‍යවරුන් දස දෙනෙකු පත් කිරීමට අවස්ථාව ලැබෙන අතර,එම අමාත්‍යධුර දහය සඳහා දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි දැනගන්නට තිබේ.

දැනටමත් පොදුජන පෙරමුණේ ‍ඇමති ධුර ලබා දිය යුතු මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවයි පැවසෙන්නේ.

අමාත්‍යධූර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන් ,විමලවීර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් 8 අට දෙනකුගේ පමණ නම් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

මේ අතර සමගි ජන බලවේගයේ ද රාජිත සේනාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක්වී අමාත්‍යධූර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

සමගි ජන බලවේගයේ ද ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ.