30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගමන් ගත් යතුරු පැදියේ ටයරය පුපුරා යාම නිසා කාන්තාවක් ජීවිතක්ෂයට

ගමන් ගත් යතුරු පැදියේ ටයරය පුපුරා යාම නිසා කාන්තාවක් ජීවිතක්ෂයට

හලාවත ඉරණවිල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ටයරය පුපුරාගොස් සිදු වූ අනතුරකින් තිදරු මවක මිය ගොස්  ඇගේ දරුවන් දෙදෙනා හා සැමියා බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ අනතුරින් මරණයට පත්ව ඇත්තේ හලාවත මැදවත්ත ප්‍රදේශයෙ පදිංචි 40 හැවිරිදි තිදරු මවක් බව කියයි.

මරණයට පත් කාන්තාව ඇගේ සැමියා පැදවු යතුරු පැදියේ වයස අවුරුදු 10 හා 13 දරුවන් දෙදෙනා සමග ඉරණවිල වෙරළ බඩ මාර්ගයේ සිට හලාවත දෙසට ගමන් කරමින් සිටියදී නොසිතු ලෙස යතුරු පැදියෙ පිටුපස රෝදය හදිසියෙ පුපුරා යාමත් සමග එය පාලනය කර ගැනිමට නොහැකි විමත් සමග පෙරළි ගොස් ඇති බවයි.

ඒ සමගම පාලනයෙන් ගිලිහි ගිය යතුරු පැදිය පෙරළි ඉවතට විසිවි ඇති බවත් කුඩා දරු දෙදෙනා හා සැමියා මාර්ගයෙන් ඉවතට විසිව ඇති නමුත් මෙම කාන්තාව මාර්ගය මැදට වැටි ඇති බව පරික්ෂණ පැවැත්වු හලාවත මුලස්ථාන පොලිසියෙ රථවාහන අංශ නිළධාරින් පවසයි.

මාර්ගය මැදට විසිවි ගිය කාන්තාව  පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයකට යටවි එම ස්ථානයෙදීම මරණයට පත්වි ඇති බව කියයි.