― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රමාද වීම් කිහිපයකට ලක් වූ යානයේ සිටි මගීන් යළි ඩුබායි වෙත

ප්‍රමාද වීම් කිහිපයකට ලක් වූ යානයේ සිටි මගීන් යළි ඩුබායි වෙත

ප්‍රමාද වීමකට සහ පසුව කාර්මික දෝශයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සිටි ගුවන් මගීන් වෙනත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 225 දරණ ගුවන් යානය ගුවන් මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු රැගෙන පෙරේදා (07) සවස 06.25ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමටයි නියමිතව තිබුණේ.

එහෙත් මෙම ගුවන් යානය පැය 15කට ආසන්න කාළයක් ප්‍රමාදවීමෙන් අනතුරුව ඊයේ (08) දින උදෑසන 09.30ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගියා.

කෙසේවෙතත් මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී පැය 01යි විනාඩි 10කට පසුව එනම් උදෑසන 10.40ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු හරවා ගෙන පැමිණීමට නියමුවා කටයුතු කර තිබුණේ ප්‍රධාන නියමුවා ඉදිරිපස ඇති සුළං මුවා වීදුරුව ඉරි තැලීමකට (Windscreen Crack) ලක්වීම හේතුවෙන්.

මෙම සිදුවීම වනවිට යානය ඉන්දියාව සමීපව එරට පසු කිරීමට ආසන්නව ගමන් කරමින් තිබී ඇති බව සඳහන්.

අනතුරුව මෙම ගුවන් යානයේ ගමන් ගැනීමට නියමිතව සිටි මගීන් පිරිස ඊයේ රාත්‍රී 07.40ට වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් සහ තවත් වෙනත් ගුවන් යානා කීපයකින් ඩුබායි වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණා.