28.4 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිරිඳ සොයාගෙන නිවසට පැමිණි බෑනා නැන්දම්මා ඝාතනය කරලා

බිරිඳ සොයාගෙන නිවසට පැමිණි බෑනා නැන්දම්මා ඝාතනය කරලා

පොල්පිතිගම අලුත්වෑගෙදර ප්‍රදේශයේදී පුද්ගලයෙකු කළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

එම කාන්තාවගේ සැමියා ද තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ අලුත්වෑගෙදර ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක්.

ඊයේ සවස මෙම ඝාතනය සිදු කර ඇත්තේ මෙම අඹුසැමි යුවළගේ බෑනා විසින් බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරු ඊයේ නිවසට පැමිණ තම බිරිඳ නිවසේ සිටින්නේ කොහේ ද යන්න මෙම මව් පිය යුවළගෙන් විමසා තිබෙනවා.

එහිදී මියගිය කාන්තාවගේ සැමියා සහ සැකකාර බෑනා අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර එය දුරදිග යාමෙන් පසු ඔවුන් දෙදෙනා අතර පොර බැදීමක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ මෙම කාන්තාව ද එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී සැකකරු ඇයට පහරදී ගෙල පාදයෙන් පාගා සිරකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

තුවාල ලැබූ කාන්තාව සහ ඇයගේ සැමියා පොල්පිතිගම රෝහලට ඇතුලත් කිරීමේදී කාන්තාව මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොල්පිතිගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොල්පිතිගම පොලිසිය විමර්ශණ ආර්මභ කර තිබෙනවා.