26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැදිරි අතරමග දමා සමුද්‍රදේවි එන්ජිම තනියම ගමනේ

මැදිරි අතරමග දමා සමුද්‍රදේවි එන්ජිම තනියම ගමනේ

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රියේ එන්ජිම උතුරු කළුතර ප්‍රදේශයේ දී අද උදෑසන මැදිරිවලින් වෙන්වී කිලෝ මීටරයක පමණ දුරක් ධාවනය වී තිබෙනවා.

උතුරු කළුතර සහ නොම්මර 1 දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී මෙය සිදුවී ඇති බවයි දුම්රිය බලධාරීන් සඳහන් කළේ.

නියාමක මැදිරියේ අසලින් දුම්රිය එන්ජිම වෙන්වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

විනාඩි 15ක පමණ කාලයකින් පසු යළිත් දුම්රිය එන්ජිම සවිකිරිමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.