23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමුදල් රාජ්‍ය ඇමති විශේෂ සමුළුවකට වොෂින්ටන් යයි

මුදල් රාජ්‍ය ඇමති විශේෂ සමුළුවකට වොෂින්ටන් යයි

2023 Spring Meetings සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වොෂින්ටන් හිදී හෙට (10) පැවැත්වෙන Spring Meetings සඳහා එක්විමේ අරමුණින් රාජ්‍ය අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණය හා අදාළ වගකීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතාට පවරා තිබෙනවා.

ඒ අනුවයි රාජ්‍ය අමාත්‍යවරයා මීට එක්වන්නේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි.

රාජ්‍ය අමාත්‍ය සේමසිංහ පැවසුවේ ණය තිරසාර බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට සහ ආර්ථික ප්‍රකෘතිමත් වීම සඳහා රට ලබා ඇති ප්‍රගතිය තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙය ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් වනු ඇති බවයි.