32.8 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙහෙයුමක නිරත නාවික භටයාගේ ගිනි අවිය මුහුදට වැටිලා

මෙහෙයුමක නිරත නාවික භටයාගේ ගිනි අවිය මුහුදට වැටිලා

තලේමන්නාරම මුහුදේ ඉන්දීය බෝට්ටු පරික්ෂා කිරීමේ මෙහෙයුමක නිරතව  සිටි නාවික හමුදා භටයකුගේ ටී 56 වර්ගයේ ගිනි අවියක් මුහුදට වැටී අස්ථානගත වී ඇතිබව මන්නාරම පොලිසිය පවසයි.

මන්නාරම නාවික හමුදා කඳවුරට අයත් කණ්ඩායමක් තලේමන්නාරම 4 වන වැලිපර මුහුදු සීමාවේ දී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙහෙයුමේ නිරත නාවික භටයා සතුව තිබූ ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 30 මෙලෙස මුහුදට වැටී අස්තාන ගත වී ඇති බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම නාවික හමුදා නිලධාරියකු ඊයේ (8) මන්නාරම පොලිසියට පැමිණිලිකර ඇත.