26.1 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරේඩාර් පද්ධතියක් පිහිටුවීමට චීනය දෙවුන්දර තුඩුව ඉල්ලයි ?

රේඩාර් පද්ධතියක් පිහිටුවීමට චීනය දෙවුන්දර තුඩුව ඉල්ලයි ?

ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේ යෝජනා කළ හොත් එහි අරමුණ ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම බවයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත්තේ.

යෝජනා කිරීමට බලාපොරොත්තු වන රේඩාර් පද්ධතියේ අනෙක් අරමුණ නම් දියේගෝ ගාර්සියා දූපතේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම බව මාධ්‍ය වාර්තා කරනවා.

රේඩාර් පද්ධතිය පිහිටු වුවහොත් අන්දමන් සහ නිකොබාර් දූපත් දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාව එයට ලැබෙන බව සඳහන්.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය මෙහෙයවීමට ඉඩ ඇති ආයතනය චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන ක්‍රියාකාරකම් පිළිබඳව ඉන්දියාව කනස්සල්ලට පත්ව ඇති අතර ඉන්දීය අනතුරු ඇඟවීම් නොතකා ශ්‍රී ලංකා රජය චීන ඉල්ලීමට එකඟ වීමෙන් පසු චීන නිරීක්ෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව එම යාත්‍රාවට හම්බන්තොට නැංගුරම් දැමීමට අවසර දුන් අතර ඉන්ධන සහ සැපයුම් සැපයුම් සඳහා දින හයක් එහි රැඳී සිටි බවයි දැක්වෙන්නේ.