24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීතාවක ගඟේ දිය නෑමට ගිය තරුණයෙක් අතුරුදහන්

සීතාවක ගඟේ දිය නෑමට ගිය තරුණයෙක් අතුරුදහන්

අවිස්සාවේල්ල ඉහල තල්දූව ප්‍රදේශයේ දි සිතාවක ගඟේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊයේ(08) අතුරුදහන් වී තිබෙනවා.

අතුරුදහන් වූ මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් පැමිණ ඇති බවත්, එසේ පැමිණි පිරිස සමඟ දිය නාමින් සිටි අවස්ථාවේ දී, මේ ලෙස දියේ ගිලි අතුරුදන් වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙම පුද්ගලයා වසය අවුරුදු 21ක් වන අත්තිඩිය දෙහිවල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා නාවික කොට්ඨාශයේ සහය ඇතිව අවිස්සාවේල්ල පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.