25 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීමා නිර්ණ කමිටු වාර්තාව දින දෙකකින් අගමැතිට - මහින්ද දේශප්‍රිය

සීමා නිර්ණ කමිටු වාර්තාව දින දෙකකින් අගමැතිට – මහින්ද දේශප්‍රිය

පළාත් පාලන ආයතන සීමා නිර්ණ ජාතික කමිටුවේ අවසන් වාර්තාව ඉදිරි දින දෙක ඇතුළත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දෙන බව, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පළාත් පාලන විෂ‍ය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා වෙත අදාළ කමිටු වාර්තාව භාරදෙන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

වාර්තාව භාරදීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.

දැනට සිටින 8,000 කට අධික පළාත් පාලන ආයතන මහජන නියෝජිත සංඛ්‍යාව අඩකින් අඩු කිරීම කමිටුවේ සැලසුමයි.