26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුරුදු උත්සව සංවිධාන කරන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

අවුරුදු උත්සව සංවිධාන කරන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

අලුත් අවුරුදු සමය නිමිත්තෙන් සංවිධාන කරන විවිධ උත්සවවලදී ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත්වන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව අවුරුදු උත්සව හෝ සංගීත ප්‍රසංග සංවිධානය කිරීමේදී අදාළ පොලිස්බල ප්‍රදේශ දැනුම්වත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටි.

මේ අතර අවුරුදු සඳහා වන වෙළෙඳ ප්‍රදර්ශන වලදීද පොලීසියේ සහය ලබාගන්න ලෙසත් එම සංවිධායකවරුන්ට දැනුම්දෙයි. 

එසේම අලුත් අවුරුදු සහයේ රෙදිපිළි සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ජනාකීර්ණ ස්ථාන වෙත යාමේ දී ගැට කපන්නන් සහ සොරුන්ගෙන් ප්‍රවේසම්වන ලෙස ද පොලීසිය ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.