29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅවුරුදු සමයේ ගිණිකෙළි අනතුරු අවම කිරීමට මෙම උපදෙස් පිළිපදින්න - අක්ෂි ශල්‍ය...

අවුරුදු සමයේ ගිණිකෙළි අනතුරු අවම කිරීමට මෙම උපදෙස් පිළිපදින්න – අක්ෂි ශල්‍ය වි‌ශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

අවුරුදු සමයේ ගිණි කෙළි භාවිතයෙන් ඈත්වීම ඉතා සුදුසු බවත් ඒ්වා භාවිත කරන්නේ නම් පහත උපදෙස් පිළිපඳින ලෙසත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

1. සෑම විටම වැඩිහිටියෙකුගේ අනුදැනුම යටතේ ගිණිකෙළි ද්‍රව්‍ය භාවිත කළ යුතුවේ.

2. දැල්වීම සිදු කළ යුත්තේ විවෘත ස්ථානවල වන අතර කිසිවිටක ගොඩනැගිලි තුළ රථවාහන අසල හෝ ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය ඇති ස්ථානවල මේවා භාවිත නොකළ යුතුය.

3. රතිඤ්ඤා වරකට එක බැගින් දැල්විය යුතු අතර දැල්වූ වහාම අසලින් ඉවත් විය යුතුය.

4. රැස්ව සිටින අය රතිඤ්ඤා දල්වන ස්ථානයට සැලකිය යුතු දුරකින් සිටිය යුතුය.

5. කිසිවිටක දල්වූ රතිඤ්ඤා පුද්ගලයෙකු සිටින දෙසට වීසි නොකළ යුතුය

6. කිසිවිටක මෙම රතිඤ්ඤා හෝ ගිණිකෙළි සේවා නූල හෝ ඇතුළත කොටස් කඩා වෙනස් නොකළ යුතුය.

7. නොදැල්වුණු රතිඤ්ඤා නැවත දැල්වීම නොකළ යුතුය.

8. ගිණිකෙළි දල්වන අවස්ථාවේ වතුර බාල්දියක් තබා ගත යුතු අතර පිළිස්සුම් සඳහා ප්‍රථප්‍රථමාධාර පිණිස මෙන්ම නොදැල්වුණු රතිඤ්ඤා ආදිය ගිල්වීම සඳහා භාවිත කළ හැක.

9. නොවැළැක්විය හැකි අනතුරකට ලක් වූ විට කල් පසු නොකර වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු විය යුතු අතර අත්බෙහෙත්වලින් වැළකී සිටිය යුතුය.