26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාවේ ඔත්තු බලන්න චීන රේඩාර් පද්ධතියක් ලංකාවට?

ඇමරිකාවේ ඔත්තු බලන්න චීන රේඩාර් පද්ධතියක් ලංකාවට?

චීනය විසින් ශ්‍රී ලංකාවේ නව රේඩාර් කඳවුරක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියන් සාගරයේ එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපද හමුදා කඳවුරු පිළිබඳ ඔත්තු බැලීම සඳහායි ඔවුන් එලෙස රේඩාර් කඳවුරක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇථ්තේ.

බීජිං සිය ආර්ථික හවුල්කරුවන්ගේ ණය උපායමාර්ගික වාසි සඳහා යොදා ගැනීමට ඇති කැමැත්ත පිළිබඳ සාක්ෂියක් ලෙසයි ශ්‍රී ලංකා ඔත්තු සේවා මූලාශ්‍ර මගින් හෙළිදරව් කරන ලද මෙම ව්‍යාපෘතිය විශේෂඥයින් විසින් හෙළා දැක ඇත්තේ.

චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ මගින් දුරස්ථ චන්ද්‍රිකා ග්‍රහණ භූමි මධ්‍යස්ථානය සැලසුම් කිරීම මෙහෙයවනු ලබන අතර, දිවයිනේ දකුණු කෙළවරේ පිහිටි දෙවුන්දර බොක්ක ආසන්නයේ ඝන කැලෑබද ප්‍රදේශයේ මෙම රේඩාර් කඳවුර ඉදිකරනු ලැබීමට නියමිතයි.