27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයේ ඔබ යන ගමන් බිමන් ෆේස්බුක් දාන්න එපා

උත්සව සමයේ ඔබ යන ගමන් බිමන් ෆේස්බුක් දාන්න එපා

උත්සව සමය තුළ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ වැඩි අවස්ථාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කරනවා.

සංවිධාතමක පිරිස් ඒ සඳහා කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ඒ, අනුව මුදල් ගණුදෙනු කිරීමේ දී පරික්ෂාකාරී වන ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර උත්සව සමයේ දී ඔබ යන ගමන් බිමන් පිළිබඳ විස්තර සමාජ මාධ්‍යයට එක් කිරීමේ දී සැළකිලිමත් වන ලෙස ද මහජනතාවට දැනුම් දෙනවා.

මේ පිළිබඳව අවධානයෙන් පසුවන සංවිධාත්මක කණ්ඩායම් ඔබගේ නිවෙස් වෙත ඇතුල් වී දේපළ සොරා ගැනීමට අවස්ථාව පවතින බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කර සිටියේ.