එලැඹෙන උත්සව සමය හේතුවෙන් තක්කාලි සහ වම්බටු කිලෝවක මිල ඉහළ ගොස් ඇති බව එළවළු වෙළෙඳුන් පවසති.
ඒ අනුව මේ දිනවල අනෙකුත් එළවළුවල මිල ගණන් සැලකිය යුතු ලෙස පහල බැස තිබියදී පසුගිය දිනවල රුපියල් 150 මිලකට අලෙවි වූ තක්කාලි කිලෝවක් මේ වනවිට රුපියල් 250 දක්වාත්, රුපියල් 200 මිලකට පැවති වම්බටු කිලෝවක් රුපියල් 350 දක්වා ඉහල ගොස් ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.