31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගැට කපන්නන්ගෙන් ප්‍රවේශම් වන්නැ‍යි උපදෙස්

ගැට කපන්නන්ගෙන් ප්‍රවේශම් වන්නැ‍යි උපදෙස්

එළඹෙන අලුත් අවුරුදු සමයේදී ගැට කපන්නන් සහ සොරුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රෙදිපිළි මිලදී ගැනීම සඳහා ජනාකීර්ණ ස්ථාන වෙත යාමේදී මොවුන්ගෙන් වැඩි වශයෙන් ප්‍රවේශම් වන ලෙසයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරින් යෙදවීම ද මේ වනවිට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම පොලිසිය ක්ෂණික මාර්ග බාධක යෙදවීම, බුද්ධි නිළධාරීන් මෙන්ම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රථ වාහන නිලධාරීන් යෙදවීම වැනි විශේෂ ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.