28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන්තොටේ ජංගම දුරකථන සොරකමේ ඇත්ත කතාව එළියට

ගුවන්තොටේ ජංගම දුරකථන සොරකමේ ඇත්ත කතාව එළියට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත විදෙස් රටක සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමක් පිළිබඳ වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සීමාසහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි විසින් අද (10) පැවැත්වුවා.

මෙම සිදුවීම වාර්තා වීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ තුළ පටිගත වී ඇති ආරක්ෂක සේවා කැමරා දර්ශන (CCTV) නැවත පරීක්ෂා කිරීමක් සිදුකළ බවත් එවැනි කිසිඳු සාක්ෂියක් ඒවායේ සටහන්ව නොමැති බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

සිද්ධියට මුහුණ දුන් අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මැදපෙරදිග රටක සංක්‍රමණික ගුවන් තොටුපළක රැදී සිටියදී එම ගුවන් තොටුපළේ පවතින ආරක්ෂක නීති රෙගුලාසි මත අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනය, එම ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව එම රටට සම්බන්ධ ගුවන් සේවාව විසින් තමන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද ගුවන්තොටුපළ සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කර සිටියා.

මෑත අවුරුදු 05ක කාලය තුළදී කිසිඳු ගුවන්තොටුපළ සේවකයෙකු ගුවන්තොටුපළ තුළ සොරකම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී නොමැති බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන්තොටුපළ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එය අවසන් වූ වහාම එහිදි එළඹ ඇති නිගමන පදනම් කර ගෙන අධිකරණමය ක්‍රියාමාර්ග සදහා පිවිසීමට අදහස් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.