26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතාව පාරට බැහැලා අපිව ඉල්ලන දවස වැඩි ඈතක නෙමෙයි

ජනතාව පාරට බැහැලා අපිව ඉල්ලන දවස වැඩි ඈතක නෙමෙයි

ජනතාව පාරට බැහැලා අපි ඉල්ලලා කෑ ගහන දවස වැඩි ඈතක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ පොහොට්ටුවේ කොළොන්නාව ආසන සමුළුව අමතමිනි.

නිදහසින් පස්සේ ලංකාවේ බිහිවුණ සියලුම නායකයින් කරපු තරාදියේ එක පැත්තකට දාලා, මහින්ද මහත්තයා කරපු වැඩ ටික අනිත් පැත්තට දැම්මහම. මහින්ද මහත්තයාගේ පැත්ත දිග වැඩියි. ඒක නිසා ගෙවල් ගිනි තියලා, ගහලා, බය කරලා වට්ටන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි ඔබ තමුන්නාන්සේලාගේ මේ පක්ෂය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපට මේ රට ගොඩනගන්න ඕන වුණේ ඔබගේ දරුවාට නැවතත් අනාගතයේ දී ගෙවන්න ණයක් අරගෙන නෙමෙයි.

කොතරම් ආර්ථික අපහසුකම් තිබුණත් අපේ ඒ කාලපරිච්චේදය තමයි මේ රටේ ණය ගත්ත නැති, හැබැයි ණය ගෙවපු කාලපරිච්චේදය. අපි දකිනවා අරගලයට නායකත්වය දීපු නායකයෝ අද කොහොම ද පාටි දදා දඟලනවා අපිට පේනවා.

මෙවැනි අනාගතයක් වෙනුවෙන් ද මේ රටේ ජනතාව පෙළගැස්සුවේ. මම හිතන්නේ, පක්ෂයක් හැටියට නැවතත් අපිව මේ රටේ ජනතාවට අවශ්‍ය වෙනවා ඉතා ම නුදුරු කාලයේ දී. දේශීයත්වය මත ගොඩනැගිච්ච ජාතිකත්වය මත ගොඩනැගුණ ජාතික ආර්ථිකයට යන්න අවශ්‍යයි කියලා මේ රටේ මිනිස්සු පාරට බැහැලා කෑගහයි.