26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපතිට පිං සිද්ධ වෙන්න ජනතාව අවුරුදු කනවා - වජිර

ජනපතිට පිං සිද්ධ වෙන්න ජනතාව අවුරුදු කනවා – වජිර

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට ශ්‍රී ලාංකික ජනතාවට හැකිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

නිදහසින් පසු රට බෙදීම් වෙන්වීම් සහ විවිධ මතවාද ඔස්සේ ක්‍රියා කිරීම නිසා කඩාගෙන වැටී තිබෙන බව ද පිරිසක් විසින් බංකොලොත්භාවට පත් කළ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඔසවා තබමින් සිටින බව ද මන්ත්‍රීවරයා කීය.

ඒ කාර්ය සඳහා ශ්‍රී ලාංකික සමස්ත ජනතාව සහයෝගය ලබාදිය යුතුව තිබෙන බව ද වෙනත් දේවල් කර වැඩපිළිවෙළ යම් හෙයකින් කඩාකප්පල් කළහොත් එහි වගකීමද ඒ කණ්ඩායම් විසින් බාරගත යුතුව තිබෙන බව ද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන සඳහන් කළේය.