― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපළිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර

පළිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර

දැනට රට තුළ ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් පවතින හෙයින් පලිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

දැනට පවතින නීති යටතේ ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල්නාශක අලෙවි කිරීම මෙන්ම නීති විරෝධි ලෙස ආනයන නීති උල්ලංගනය කරමින් හොර රහසේ මෙරටට ගෙන්වන පළිබෝධ නාශක හා වල් නාශක සම්බන්ධව අය කරන දඩමුදල හා සිර දඩුවම් ප්‍රමාණවත් පරිදි එම ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ල කරන්නේ නැත.

මේ නිසා පළිබෝධ නාශක පාලන පනත සංශෝධනය කර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ප්‍රමිතියෙන් තොර වල්නාශක හා පළිබෝධ නාශක ජාවාරම්කරුවන්ට අඩු තරමින් රුපියල් ලක්ෂ 15ක වන්දියක් හා අවූරුදු තුනක සිර දඩුවම් හෝ ඒ දෙකම ලැබෙන පරිදි නව වගන්ති ඇතුළත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

එමෙන්ම පලිබෝධ නාශක හා වල් නාශක වගාවන් සඳහා භාවිතා කිරීමේ දී ඒවායේ මිල ගණන් ඉහළ යාම ගොවි ජනතාවට දරා ගත නොහැකි නිසා ග්‍රෑම් 20 පැකට් වශයෙන් වෙළෙදපලට නිකුත් කිරීමට අවසර ලබා දීමට ද තීරණය කර තිබේ.

එමෙන්ම නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද පළිබෝධ නාශක හා වල්නාශක අලෙවි කරනු ලබන අලෙවි නියෝජිතයින්ගේ බලපත් අහෝසි කරන ලෙස ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. එමෙන්ම එවැනි ස්ථාන හදිසි වැටලීම්වලට ලක් කිරීමට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මෙන්ම පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරි කණ්ඩායම් කිහිපයක ද යෙදවීමට තීරණය කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක ආනයනකරුවන් හා බෙදාහරින්නන් සමග කළ සාකච්ඡාව පරිදි ගොවීන් වැඩි පිරිසක් භාවිතා කරන වල් නාශක වන Pretilaclore ලීටර් 01ක් සියයට 40ක්, Heydoll MCPA 60 ලීටරයක් සියයට 32ක්, Proxy ලීටර් 01ක් සියයට 14කින් හා Tetris මිලි ලීටර් 400ක් සියයට 13ක වශයෙන් මිල අඩු කිරීමට එකඟත්වය පළ කළේය.