බස් සහ දුම්රිය මගීන් සඳහා ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඇතැම් බස් කොන්දොස්තරවරුන් සහ රියදුරන් නියමිත ගාස්තු ඩිපෝ වෙත ලබා නොදෙන බවයි.
දුම්රිය තුළද මෙය සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව මේ වසර තුළදී QR ක්‍රමයක් හරහා ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.