28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්නාරම ආපනශාලාවක පරිප්පු හොද්දේ හැකරැල්ලෙක්

මන්නාරම ආපනශාලාවක පරිප්පු හොද්දේ හැකරැල්ලෙක්

මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පාරිභෝගිකයෙකුට ඊයේ (09) උදෑසන ආහාරය සඳහා ලබා දුන් පරිප්පු හොද්දක හැකරැල්ලෙකු සිට ඇති අතර ඔහු ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ආපන ශාලවට සීල් තබා හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.

පාරිභෝගිකයා පවසන්නේ තමා පරාටා රොටී දෙකක් කෑම සඳහා ගත් පරිප්පු හොද්දේ සිටියදී මෙම හැකරැල්ලා හමු වූ බවයි.

එම පැමිණිල්ලට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් කළ පරීක්ෂාවේදී එම ආපනශාලාවේ පොල්සම්බෝලයේ සිටි කෘමීන් කීප දෙනෙකුද හමුවී ඇති අතර මෙම සිද්ධියත් සමඟම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මන්නාරම හා පේසාලේ ප්‍රදේශවල පිහිටි සියලුම ආපනශාලා හා වෙළඳසැල් දැඩි පරීක්ෂාවට ලක් කර තිබේ.