― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට කර්මාන්ත සඳහා ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාවට නැංවිය යුතුයි - කර්මාන්ත ඇමති...

මෙරට කර්මාන්ත සඳහා ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාවට නැංවිය යුතුයි – කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ

කර්මාන්ත අංශය නඟා සිටුවීමට නම් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් කර්මාන්ත වෙනුවෙන් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10 දා) කර්මාන්ත අමාත්‍යාංශයේදී කර්මාන්ත ආංශික උපදේශණ සභා 9 ක් සඳහා පත්කළ සභාපත්වරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කරමිනි.

විවිධ කර්මාන්ත අංශ නියෝජනය කරමින් ආංශික උපදේශණ සභා 20 ක් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර මීට පෙර ආංශික උපදේශණ සභා 11 ක් සඳහා පත්කළ සභාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කර ඇත. ඇඟළුම්, ඖෂධ , ලෝහ හා අච්චු, තීන්ත හා රසායනික ද්‍රව්‍ය, බෝට්ටු නිෂ්පාදන, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභාරණ, රබර් ප්ලාස්ටික් හා ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ආංශික උපදේශණ සභා සඳහා පත්කළ සභාපතිවරුන් වෙත අද දින පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලැබීය. මෙම ආංශික උපදේශණ සභා මඟින් අදාල කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ප්‍රතිපත්ති සකස් කිරිම සිදුකරනු ලබයි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ රමේෂ් පතිරණ අමාත්‍යවරයා,

“ රටක ආර්ථිකයේ වැදගත්ම ස්ථානය හිමි වන්නේ කර්මාන්ත අංශයටයි. කර්මාන්ත රැක ගැනීමට මෙන්ම දියුණු කිරීමට නම් කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඉතා වැදගත් වෙනවා. එසේ නොමැති අවස්ථාවල දේශීය කර්මාන්ත පවත්වාගෙන යාම ගැටළුවක් බවට පත් වෙනවා. රටතුල නිෂ්පාදනය කරන භාණ්ඩ වෙනුවට ආදේශණ භාණ්ඩ රට තුලට පැමිණිම වැලැක්විය යුතුයි. එසේ නොවුනහොත් දේශීය කර්මාන්ත කඩා වැටීම වැලැක්විය නොහැකියි. මේ තත්වය වලක්වා ගැනීමට නම් ශක්තිමත් ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. මෙය රටේ මතයක් ලෙස ඉදිරියට ගෙන ඒම කළ යුතුයි. ඒ සඳහා වගකීමක් කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයන්ටද තිබෙනවා.