27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද හමුදා වෑන් රථයේ ගැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

යුද හමුදා වෑන් රථයේ ගැටීමෙන් අයෙක් ජීවිතක්ෂයට

යුධ හමුදා නිලධාරියෙකු විසින් ධාවනය කළ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මොරටුව දුම්රියපොළට යාබද නව ගාලු පාරේ යුධ හමුදා නිලධාරියා පැදවූ වූ වෑන් රථය පාපැදියක සහ කාර්මික දෝෂයක් නිසා නවතා තිබූ කුඩා ලොරි රථයක ගැටී මේ අනතුර සිදුවුණා.

අනතුරෙන් මියගියේ මාර්ගයේ ගමන් කළ වයස අවුරුදු 53ක් වන පානදුර, හොරේතුඩුව, ගඟ හෙළ පාරේ පදිංචි වඩු කාර්මික ශිල්පියෙකු වන අතර ඔහු මියගොස් ඇත්තේ වෑන් රථය සහ කුඩා ලොරි රථයට මැදිවී තෙරපීමෙන්.

කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ කුඩා ලොරි රථයේ රියදුරු ද අනතුරෙන් තුවාල ලැබූ අතර ඒ වනවිට ඔහු සිට තිබෙන්නේ කුඩා ලොරියේ යට කාර්මික දෝෂය පරික්ෂා කරමින්.

මේ අනතුරෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් (70) සහ තවත් පුද්ගලයෙකු (50) ද තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා. රත්මලාන යුධ හමුදා කඳවුරට අනුයුක්ත යුධ හමුදා නිලධාරියා මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.