― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසුළු වැරදි කළ පුද්ගලයින්ට දෙන්න යන අලුත්ම දඬුවම

සුළු වැරදි කළ පුද්ගලයින්ට දෙන්න යන අලුත්ම දඬුවම

සුළු වැරදි කළ පුද්ගලයින් නිවාස අඩස්සියේ රදවා තැබිය හැකිද යන්න සොයා බැලීම සදහා නීති සකස් කිරීමට කමිටුවක් පත් කර ඇතැයි අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මේ බව සදහන් කළේ බන්ධනාගාර වීක්ෂණ කමිටු සාමාජිකයින් සමග අධිකරණ අමත්‍යංශ ශ්‍රවණාගාරයේ අද(10) පැවති හමුවකදීය.

බන්ධනාගාර ආඥා පනතේ 35 (1) වගන්තිය ප්‍රකාරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අයත් රේඛීය අමාත්‍යාංශයේ විෂයභාර අමාත්‍යතුමා වෙත පැවරෙන බලතල අනුව වසර 03 ක කාලයක් සදහා දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයක් සදහාම ප්‍රාදේශිය වීක්ෂණ කමිටු සාමාජිකයින් පත් කිරීම කරනු ලබන අතර, ඒ අනුව කොළඹ මැගසින්, කොළඹ රිමාන්ඩ්, කොළඹ වැලිකඩ , වටරැක හා මීගමුව බන්ධනාගාර ආවරණය වන පරිදි පත් කරන ලද වීක්ෂණ කමිටු සාමාජිකයින් මෙහිදී දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණ.

මෙම වීක්ෂණ කමිටු සාමාජිකයින් විසින් බන්ධනාගාරගත තුළට ගොස් සතියකට වරක් රැදවියන්ගේ සුභ සාධන කටයුතු නිරීක්ෂණය කළ යුතු අතර , රැදවියන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම සදහා බන්ධනාගාර තුළ පවතින පොදු පහසුකම් පිළිබදව සොයා බලා කටයුතු කළ යුතුව තිබේ.

දිවයිනේ බන්ධනාගාර 28 ම ආවරණය වන පරිදි මෙම වීක්ෂණ කමිටු පත් කිරීමට නියමිතව ඇති අතර මෙම තනතුරු ස්වේච්ඡා තනතුරු ලෙස පත් කර ඇත.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

අපේ රටේ බන්ධනාගාරවල මේ වන විට 26 දාහක පමණ සංඛ්‍යාවක් රදවා සිටින අතර, ඉන් වැරදිකරුවන් වු පුද්ගලයින් 8000 ක් පමණ වන බව සදහන් කළේය.

කිසියම් පුද්ලයෙකු සිරගත වීමට කුමන හෝ සමාජ තත්වයන් හේතු විය හැකි බවත්, වරද කුමක් වුවත් බන්ධනාගාර ගතවු වු පසු ඔවුන් රැක බලා ගැනීම රජය සතු වගකීමක් බවත්, රජය මගින් ලබා දෙනු ලබන පහසුකම් වලට අමතරව බන්ධනාගාරගත රැදවියන්ට අවශ්‍ය සුභ සාධන පහසුකම් ලබාදීමට වීක්ෂණ කමිටු කටයුතු කළ යුතු බවත්, අමාත්‍යවරයා පැවසීය.

වසර 1934 පසුව පළමු වරට මානුෂීය අන්දමින් මෙරට බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර,මරණීය දණ්ඩණය ලබා බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම සදහා බන්ධනාගාර තුළම ස්ථාන 06 ක් ස්ථාපිත කර ඇති බව ද අමාත්‍යතුමා පැවසීය.

සාම්ප්‍රදායික කමිටුවලින් එහා ගිය පරිවර්තනීය වැඩ පිළිවෙළක් බන්ධනාගාර වීක්ෂණ කමිටු වෙතින් අපේක්ෂා කරන බැවින් ඒ සදහා උපරිම සහයෝගය ලබා ගෙන ලෙසත්, සුළු වැරදි කළ පුද්ගලයින් නිවාස අඩස්සියේ රදවා තැබිය හැකිද යන්න සොයා බැලීම සදහා නීති සකස් කිරීමට කමිටුවක් මේ වන විටත් පත් කර ඇති බවත්, අධිකරණ ඇමතිවරයා සදහන් කළේය.

අධිකරණ අමාත්‍යාංහයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු කොළඹ මැගසින්, කොළඹ රිමාන්ඩ්, කොළඹ වැලිකඩ , වටරැක හා මීගමුව බන්ධනාගාර ආවරණය වන පරිදි පත් කරන ලද වීක්ෂණ කමිටු සාමාජිකයින් මෙම අවස්ථාවට එක් විය.