― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅනතුරක් සිදුකර පලාගොස් ත්‍රීරෝද රථය මහවැලි ගඟට පෙරලලා

අනතුරක් සිදුකර පලාගොස් ත්‍රීරෝද රථය මහවැලි ගඟට පෙරලලා

පේරාදෙණිය ප්‍රදේශයේදී අනතුරක් සිදු කර පලාවිත් කටුගස්තොට දී එම ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරලා දමා පලාගිය ගිය බව කියන ත්‍රිරෝද රථ රියැදුරා සොයා පේරාදෙණිය සහ කටුගස්තොට පොලීසි ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර ඇත.

සැකකරු රිය පැදවීමේ බලපත්‍රයක් ද නොමැතිව තම පියාගේ ත්‍රීරෝද රථය පේරාදෙණිය නගරයේ දී පදිකයකු අනතුරට ලක් කොට පලාගොස් කටුගස්තොට  නවයාලතැන්න මහවැලි නදිය හරහා ඇති දුම්රිය පාලම අසලදී එම ත්‍රීරෝද රථය මහවැලි ගඟට පෙරලා දමා ඇති අතර එසේ පෙරලා දැමූ ත්‍රීරෝද රථය කටුගස්තොට පොලීසිය සොයා ගැනීමෙන් අනතුරුව ඊට අදාළ විමර්ශන ආරම්භ කොට තිබේ.

සැකකරු අනතුරින් පසු ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමන අයුරු ඒ අසල තිබූ ආවේක්ෂණ කැමරාවල සටහන්ව තිබෙන බව පවසන පොලිසිය තීරෝද රථයේ ලියාපදිංචි අංකය අනුව එහි හිමිකරු පේරාදෙණිය ප්‍රදේශයේදී සොයාගෙන ඇති අතර අදාල ත්‍රීරෝද රථය ඔහුගේ පුතා පැද වූ බව ද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.