30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඋදේට පොර ටෝක් දෙන සජිත් රෑට හොරෙන් රනිල්ට කෝල් කරනවා

උදේට පොර ටෝක් දෙන සජිත් රෑට හොරෙන් රනිල්ට කෝල් කරනවා

උදේට ජනාධිපතිට විරුද්ධව ‘පොර ටෝක්’ දෙන සජිත්සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කර විපක්ෂනායක කම රැක දෙන්නයි ඉල්ලමින් හඬා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසීය.

මහ ලේකම්වරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැවූ මහ ලේකම්වරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාසගේ දැන් බලාපොරොත්තුව මේ අවුරුද්දේ දෙකේ විපක්ෂ නායක කම රැකගෙන සිට ඉන් පසුව යාලට ගොස් අලි බලමින් විවේක සුවයෙන් සිටීම බවයි.

සමගි ජන බලවේගයේ දැනුම් තේරුම් තිබෙන සියලු දෙනා ගතින් මේ වනතුරුත් සජිත් සමග සිටියත් සිතින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ බවත් තව නොබෝ දිනකින් හොඳ හොඳ රංගන දැක ගැනීමට ලැබෙන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.