― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑක්ප්‍රස් පර්ල් නෞකා අනතුර ගැන සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් නිවේදනයක්

එක්ප්‍රස් පර්ල් නෞකා අනතුර ගැන සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් නිවේදනයක්

MV XPress Pearl නෞකා අනතුර සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතට අනුව අපරාධ නීතියට යටතේ නෞකා හිමිකරුට හෝ මෙහෙයුම්කරුට හෝ ශ්‍රී ලංකාවේ නෞකා නියෝජිතයින්ට නඩු පැවරීම සඳහා අවශ්‍ය සියලු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ලබා දී තිබෙනවා.

ඒ අනුව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනටමත් අපරාධ නීතිය යටතේ අධිකරණයේ නඩු පවරා ඇති බවයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.

මෙම නෞකා අනතුර හේතුවෙන් පරිසරයට සිදු වූ හානි තක්සේරු කිරීමේ කටයුතු සිදු කිරීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් හා අනෙකුත් රාජ්‍ය ආයතන නියෝජිතයින්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කළ අතර එලෙස පත් කරන ලද විද්වත් කමිටුව මගින් පරිසර හානි ගණනය කර, දෙවැනි පරිසර හානි වාර්තාව නිතිපති දෙපාර්තමේන්තුව වෙත පසුගිය ජනවාරි මස 13 වැනිදා භාර දිමට කටයුතු කර තිබුණා.

මෙම නඩුව පැවරීම සමිබන්ධයෙන් ඇති වී ඇති මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපති නීතිඥ අසේල බි.රැකව ගේ ඉල්ලීම මත අධිකරණ අමාත්‍යවරයා විසින් නීතිපතිතුමා ප්‍රමුඛව නිලධාරී මඩුල්ලක්, මෙම ක්ෂේත්‍රයේ පළපුරුද්ද හා නිපුණතාවය ඇති වෙනත් නීතිඥවරුන් පිරිසක් සමග විශේෂ සාකච්චාවක් පසුගිය 06 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ දි පවත්වා තිබුණා.

නැව් සමාගම් විසින් එක්සත් රාජධානියේ අධිකරණයකින් ලබාගෙන ඇති වන්දි සීමා කිරීමේ නඩුකරය පවුම් මිලියන 19 ක උපරිම වන්දියක් වශයෙන් තීරණය කරමින් නියෝගයක් ලබා ගෙන ඇති බවයි එහිදි නීතිපතිවරයා පවසා ඇත්තේ,

එමෙන්ම ප්‍රථමයෙන්ම කළ යුත්තේ එකී නඩු කටයුත්තට සහභාගි වෙමින් එකී හින්දුව වෙනස් කර ගැනීම සඳහා කිරීම බවත් එහිදි නිතිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.