― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොළඹ වරායෙන් නැව් නැග්ග තරුණයන් සිව්දෙනාට ලැබුනු තීන්දුව

කොළඹ වරායෙන් නැව් නැග්ග තරුණයන් සිව්දෙනාට ලැබුනු තීන්දුව

කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජයට අයත් නෞකාවකට හොරෙන් ඇතුලු වී නිතිවිරෝධි ලෙස විදේශගත විමට උත්සාහ කරන ලද පුද්ගලයින් හතරදෙනා 18 වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් වරයා අද (11) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ යාපනය වේලනෙයි පදිංචි සිවු දෙනෙකි.

මාර්තු මාසයේ 24 වනදා සැකකරුවන් පිරිස කොළඹ වරායේ නැංගූරම් ලා තිබූ නෞකාවකට ගොඩ වී එහි සැඟවී තිබෙනවා.

අනතුරුව නෞකාව යාත්‍රා කිරීම ආරම්භ කර ඇති අතර සූවස් ඇල ආසන්නයේදී නෞකාවේ කපිතාන්වරයාට මෙම සැකකරුවන් නිරීක්ෂණය වී ඇත.

පසුව එම නෞකාවේ කපිතාන්වරයා ඒ පිළිබඳව අදාළ නැව් සමාගමට දැනුම්දී මෙම සැකකරුවන් නැවත ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටට පැමිණෙන වෙනත් නෞකාවක සැකකරුවන් පිරිස නංවා එවා ඇති අතර අදාළ නෞකාව විසින් සැකකරුවන් සිව්දෙනා ගාල්ල වරාය පොලීසිය වෙත භාරදී ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ අන්තර් ජාලය හරහා හඳුනාගත් පුද්ගලයෙකු රුපියල් ලක්ෂයක වැටුපකට විදේශ රැකියා ලබාදිය හැකි බවට පැවසිම නිසා මොවුන් එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් එම පුද්ගලයාට ගෙවා ඇති බවත් ඉන්පසු 24වන දින රාත්‍රි මෙම හතර දෙනාට වැඩ ඇඳුම් (ඔවර් රෝල්) අන්දවා හෙරෙන් නැවට ගොඩකර ඇති බවත් කියා සිටි පොලිසිය ආගමන විගමන පනත යටතේ සහ මිනිස් ජාවාරම පනත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කල බවත් කියා සිටියේය.

ගාල්ල වරාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.