― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෙවැනි වතාවටත් පුංචි ඡන්දය කල් යයි

දෙවැනි වතාවටත් පුංචි ඡන්දය කල් යයි

2023 අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වතාවටත් කල්දැමීමට සිදුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සඳහා විවිධ අවහිරතා මධ්‍යයේ කටයුතු කළ ද ඒ සඳහා අවශ්‍ය වන්නා වු මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හා කොමිෂන් සභාවේ පාලනයෙන් තොරවු හේතු මත එකී ඡන්ද විමසීම කල්දැමීමට සිදුව ඇති බවයො.

එබැවින් අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමේ නිශ්චිත දිනයක් තහවුරු වීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තිබෙන නඩු කටයුතු අනුව අධිකරණය විසින් ලබාදෙනු ලබන තීරණය මත දිනය තීරණය කිරීමට සිදුවන්නේ නම් එම දිනය හෝ ප්‍රථමයෙන් ලැබෙන අවස්ථාවේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනය කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් විමසීමෙන් සිදුකරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.