29 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබඩඉරිඟු තොග ළඟ තියාගන්න එපා

බඩඉරිඟු තොග ළඟ තියාගන්න එපා

මහ කන්නයේදී වගා කළ බඩඉරිඟු තොග වහාම අලෙවි කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීගෙන් ඉල්ලීමක් කරයි.

බඩඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කිරීම හේතුවෙනුයි මෙම ඉල්ලීම කර ඇත්තේ.

බඩඉරිඟු මිල ඉහළ යතැයි අපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් තමන් සතු බඩ ඉරිඟු තොග ගබඩා කර තබා ගැනීමට කටයුතු කළද බඩඉරිගු ආනයනය කළහොත් මිල ගණන් පහළ යා හැකි බවයි අමාත්‍යාංශය පවසන්නේ.

එම නිසා දැනට බඩඉරිඟු සදහා හොඳ මිලක් ලැබෙන බැවින් ගොවි ජනතාව සතුව පවතින බඩඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටී.