23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalබැසිල් ජනපති අපේක්ෂක කිරීමේ වරදක් නැහැ - රංජිත් බණ්ඩාර

බැසිල් ජනපති අපේක්ෂක කිරීමේ වරදක් නැහැ – රංජිත් බණ්ඩාර

මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තෝරා ගැනීමේ වරදක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු සිය ජනාධිපති අපේක්ෂකයාගේ නම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බවත් රටේ පවතින සියලු ප්‍රශ්න විසඳීමට උපකාර වන වඩා හොඳ තිරසාර වැඩපිළිවෙළක් ජනතාවට ඉදිරිපත් කළ යුතු බවත් ඔහු එහිදී සඳහන් කළේය.

එවැනි සැලැස්මක් රටට ඉදිරිපත් කළ හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

මෙම තත්ත්වය තුළ එළඹෙන නව වසරෙන් පසු තම දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරන බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්න අලුත් අවුරුද්දෙන් පසුව ප්‍රකාශ කරන බවයි.