27.2 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර 2000ක් රාජසන්තක කෙරේ

බිත්තර 2000ක් රාජසන්තක කෙරේ

එළඹෙන උත්සව සමය නිමිත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකම බිත්තර වැඩි මිලට අලෙවි කිරිම, බිත්තර සන්තකයේ තබාගෙන අලෙවි නොකිරිම යන චෝදනා යටතේ වෙලෙදුන් 20 දෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කල බව පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා පැවසුවා.

ඉකුත් සතිය තුළ නුවරඑළිය, නානුඔය, තලවකැලේ, කොටගල, හැටන්, නොර්වුඩ්, මස්කෙලිය, රාගල, ගිනිගත්හේන, පුඩළුඔය, හපුගස්තලාව, වටවල යන ප්‍රදේශවල වැටලීම් සිදු කළ බවත් එම වැටලීම්වලදි බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 10 දෙනෙකු හැටන් සහ නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් වරද පිළිගත් නිසා එම චූදිතයන් සියළු දෙනාගෙන් රුපියල් පන්ලක්ෂ තිස්දහසක දඩ මුදලක් තම අධිකාරියට අය කර ගැනිමට හැකි වු බවද ඔහු පැවසුවා.

බිත්තර සන්තකයේ තබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි නොකර සිටි නුවරඑළිය නගරයේ වෙළෙන්දෙකුගේ බිත්තර 2000ක් අධිකරණය මගින් රාජසන්තක කළ බවත් මෙවැනි වැටලීම් උත්සව සමය අවසන් වන තෙක් සිදු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.