30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ ඔසුසල් 26කින් කෝටි පහක පාඩුවක්

රජයේ ඔසුසල් 26කින් කෝටි පහක පාඩුවක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසල් 50න් 26ක් අනවශ්‍ය වියදම් ඇතුළු විවිධ කරුණු හේතුවෙන් 2021 වර්ෂයේදී රුපියල් පන් කෝටි තිස් දෙලක්ෂයකට වැඩි මුදලක් පාඩු ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ ඉන් ඔසුසල් 10 ක පාඩුව ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 15 සිට 175 ක් දක්වා පරාසයකින් ඉහළ ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලයට පිළිතුරුදී ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ කොව්ඩ් තත්වය හේතුවෙන් මෙම පාඩු ඇතිවූ බවයි.