25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කම්බියක පැටලී තිදරු පියා ජීවිතක්ෂයට

විදුලි කම්බියක පැටලී තිදරු පියා ජීවිතක්ෂයට

මහකුඹුක්කඩවල කිවුල තරුණ ව්‍යාපාරයේ දරුවන් තිදෙනෙකුගේ පියෙකු තම වගාව ඉත්තෑවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට යොදා තිබූ විදුලි කම්බියක පැටලී විදුලි සැර වැදීමෙන් මරණයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙසේ මරණයට පත් වී ඇත්තේ කිවුල තරුණ ව්‍යාපාරයේ පදිංචි 66 හැවිරිදි අයෙක්.

අක්කර පහකට ආසන්න ඉඩමක වගා කටයුතු කර ඇති මෙම තැනැත්තා එම ඉඩම තුළ වූ අක්කර කාලකට ආසන්න ප්‍රමාණයක වගාකර තිබූ එළවළු ඇතුළු දෑ ආරක්ෂා කර ගැනීම සඳහා නිවසේ සිට අදින ලද විදුලි රැහැනක පැටලීමෙන් මරණයට පත් වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඉත්තෑවන් ඇතුළු වන සතුන්ගෙන් දිගින් දිගටම වගාවට සිදුවන හානිය ඉවසා ගත නොහැකිව ඉතා අකමැත්තෙන් මෙම විදුලි රැහැන යොදා තිබූ බවත් එය අලුයම ඉවත් කිරීමට අමතක වීමෙන් පසු ඒ හරහා ගමන් කරමින් සිටියදී එකවර විදුලි සැර වැදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීමට මුහුණ පෑ තැනැත්තා තම බිරිද සමඟ අලුත් අවුරුද්දට අවශ්‍ය කළමනා රැගෙන ඒමට මදුරන්කුලියට යාමට සූදානම් වී එය මදකට ප්‍රමාද කර ඉඩමේ වැඩක නිරතව සිටියදීයි මෙසේ ඔහු යෙදූ විදුලි රැහැනේ පැටලී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු මහකුඹුක්කඩවල පොලිසිය සිදු කරයි.