25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalවෙසක් උත්සවය චක්‍රලේඛවලට සීමා කරන්න එපා - අගමැති

වෙසක් උත්සවය චක්‍රලේඛවලට සීමා කරන්න එපා – අගමැති

වෙසක් උත්සවය චක්‍රලේඛ වලට සීමා නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයා පැවසූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, ශාසනාරක්ෂක බලමණ්ඩල නියෝජිත හිමිවරු සහ බෞද්ධ සංවිධාන ඇතුළු රාජ්‍ය ආයතන නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ වෙසක් උත්සව පිළිබඳ ඊයේ (10) අරලිය ගහ මන්දිරයේ පැවැති සාකචිඡ්ඡාවක දියි.

තරුණ පරමිපරාවට වෙසක් උත්සවය සාර්ථක කරගැනීමට මඟ පෙන්වීමේ වැඩසටහනක් විදියටයි මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

ලොවිට බුදු දහම ගෙනයාමේ ධර්මදූත ව්‍යාපාරය නව පරිවර්තනයකට යොමුකළ හැකි අවස්ථාවකට එළැඹි සිටින අතර ඒ සඳහා ඒකාබද්ධව අත්වැල් බැඳ ගැනීමටත්, සැලැස්මකට අනුව කටයුතු කිරීමටත් අවශ්‍යය බව එහිදි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.