― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalශ්‍රී ලංකාවේ නායකත්වයට සුදුසු පුද්ගලයා තමයි බැසිල්

ශ්‍රී ලංකාවේ නායකත්වයට සුදුසු පුද්ගලයා තමයි බැසිල්

ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයා බැසිල් රාජපක්ෂ බවත් ඔහු යුද්ධය අවස්ථාවේදී ජාත්‍යන්තරය සමඟ ගනදෙනු කරමින් ඉතාම හොඳින් යුද්ධයට අවශ්‍ය ජාත්‍යන්තර සහය ගැනීමට සමත් වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බැසිල්ට විරුද්ධව පසුගිය කාලයේ බොරු චෝදනා කර නඩු පැවරුව ද ඔහු ඒවාට නිර්භයව මුහුණ දී ඒ සියලු නඩුවලින් නිදොස් කොට නිදහස් වූ බවයි.

එමෙන්ම යුද්ධයෙන් පසු මේ රටේ දිළිදු ජනතාව නඟා සිටුවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කර ලෝකයේ වේගයෙන් දියුණුවන රටවලින් එකක් බවට පත්කිරීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්‍ෂ කටයුතු කළ බවත් බැසිල් යනු උතුරට සහ නැගනෙහිරට වැඩිම සංවර්ධනයක් කළ නායකයා බවත් අවධාරණය කළේය.

රටේ අහිංසක දුප්පත් ජනතාවගේ හදගැස්ම හදුනාගෙන ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය බොහෝ පියවර ගත් නායකයෙක් ලෙසයි ඔහු මෙම මාධ්‍ය හමුවේදී බැසිල් රාජපක්ෂ හඳුන්වා දුන්නේ.