24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු නීතිපතිගේ ලිපිගොනු සොරකම් කිරීම ගැන විමර්ශනයක්

හිටපු නීතිපතිගේ ලිපිගොනු සොරකම් කිරීම ගැන විමර්ශනයක්

හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ කාර්‍යාලයට අනවසරයෙන් පැමිණ ලිපිගොනු ඇවිස්සූ බව කියන පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළව නාරාහේන්පිට පොලිසිය මඟින් පැවැත්වූ විමර්ශන‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් තම දෙපාර්තමේන්තුව වෙත බාර දුන් බවයි.

හිටපු නීතිපතිවරයාගේ කොළඹ 07, ලන්ඩන් පෙදෙසේ පිහිටි කාර්‍යාලයට පසුගිය වසරේ නොවැම්බර් මස 22 වැනිදා සුදු වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු එහි තිබූ ලිපිගොනු අවුස්සා එක් ලිපිගොනුවක් පමණක් රැගෙන ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් බවත්, එකී සිදුවීම පටිගත වූ සීසීටීවී දර්ශන විමර්ශන කටයුතු සඳහා වෝහාරික ඩිජිටල් විද්‍යාගාරය වෙත බාර දී ඇති අතර තවමත් එහි වාර්තාව තමන්ට ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී ප්‍රකාශ කළේය.