― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews13 හා ත්‍රස්ත විරෝධී පනත ගැන සබ්රි ජාත්‍යන්තරයට පහදයි

13 හා ත්‍රස්ත විරෝධී පනත ගැන සබ්රි ජාත්‍යන්තරයට පහදයි

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ යෝජිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් වර්ධනයන් පිළිබඳව කොළඹ පිහිටි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමක් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට සහය දැක්වීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ විදේශ කටයුතු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.

සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් දිරිමත් කිරීම සඳහා රටේ ස්ථාවරත්වය පිළිබිඹු වන පරිදි එම රටවල සංචාරක උපදේශන සමාලෝචනය කරන ලෙසද අමාත්‍ය අලි සබ්රි ඉල්ලා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීම, සංහිඳියාව සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කිරීම ඇතුළු සංහිඳියාව සඳහා රජය ගන්නා උත්සාහයන් ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ බව වාර්තා වේ.