දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකාබද්ධව වොෂින්ටන් හී පවත්වනු ලබන ස්ප්‍රිං සමුළුවේදී අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සියල්ලන් එක්ව ඔවුන්ගේ කාර්යභාරය ඉටුකිරීම මේ මොහොතේ වැදගත්වන බවයි ඇය එහිදී අවධාරණය කළේ.