28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලුත් අවුරුද්දේ බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

අලුත් අවුරුද්දේ බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 13,14 හා 15 යන තෙදින තුළ සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ.

එදිනට සිරකරුවන් බැලීමට පැමිණෙන ඥාතීන් විසින් එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිදි ආහාර පාර්සලයක් හා එක් අයකුට ප්‍රමාණවත් වන පරිදි ඔවුන්ට අවශ්‍ය රසකැවිලි ද රැගෙන විත් භාර දීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයිනේ සියලුම බන්ධනාගාර තුළදී සිරකරුවන් සහ සැකකරුවන් සඳහා අවුරුදු චාරිත්‍ර – වාරිත්‍ර සිදු කරනු ලබන අතර රැඳවියන් සඳහා කිරිබත් ලබා දීමට බන්ධනාගාර දෙපාරතමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.