26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගැහැණු මායම්වලින් කොළඹ එන පිරිමි සුද්ද කරලා

ගැහැණු මායම්වලින් කොළඹ එන පිරිමි සුද්ද කරලා

උත්සව සමයේ කොළඹට පැමිණෙන පිරිමි පුද්ගලයින්ට ඉඟි බිඟි පා පාළු ස්ථාන වෙත රැගෙන ගොස් ඔවුන්ගේ දේපොළ කොල්ල කෑමේ සිදුවීම් රැසක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

කෙසෙල්වත්ත පොලිසියේ නිළධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමකදී මේ බව අනාවරණය වී තිබේ.

එහිදී පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ මීට පෙරත් අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලබා ඇති කාන්තාවන් හා පිරිමින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මෙම ජාවාරම මෙහෙයවන බවයි.

මෙම කාන්තාව කොළඹට පැමිණෙන පිරිමින්ට ඉඟි බිඟි පා රවටා පාළු කඩ, අඳුරු තරප්පු ආදි ස්ථාන කරා ගෙන ගොස් ලිංගික ඇසුරක් පැවැත්වීමට මුලපුරන බව පෙන්වමින් ඔවුන් සතු දේ කොල්ලකන අතර එම ස්ථානවලට හැඩිදැඩි තරුණයෙක් කඩා පනින විට ඔහු තමන්ගේ සැමියා බව පවසමින් සැකකාරිය පලා යන බවයි පොලීසිය අධිකරණය හමුවේ පවසා ඇත්තේ.

මෙම කල්ලියේ සාමාජිකයන් කිහිපදෙනකුම මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.