30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොඩහේවාගේ ව්‍යාපෘතියක් ජනපති රනිල් අත්හිටුවයි

ගොඩහේවාගේ ව්‍යාපෘතියක් ජනපති රනිල් අත්හිටුවයි

කොළඹ ‘බර්ඩ් පාර්ක්’ (Bird Park) ව්‍යාපෘතිය අවලංගු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ එම ව්‍යාපෘතිය සඳහා මුදල් ගෙවා ඇත්නම් යළි ලබා ගන්නා ලෙසත් එම ඉඩම නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා ලෙසත්ය.

වසර දෙකකදී අවසන් කිරීමේ අරමුණින් 2021 වසරේ ජූලි මාසයේදී මාදිවෙල ප්‍රදේශයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 37යි රූඩ් 01යි පර්චස් 20.44ක විශාලත්වයක ඉඩමක් වසර 30ක බදු පදනම යටතේ කලම්බු බර්ඩ් පාර්ක් (පෞද්ගලික) සමාගම වෙත ලබාදී තිබේ.

මෙම ව්‍යාපෘතියද නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ අතර ඊට ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන තුනකි.

රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස සිටි නාලක ගොඩහේවා මහතා විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණි.