― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතා මැයි මාසයේදී

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතා මැයි මාසයේදී

චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමඟ මැයි මාසයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළැඹීමට අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

රොයිටර්ස් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙන්නේද යන්න පිළිබඳව අදාළ පාර්ශව අවසන් තීරණයකට එළෙඹෙනු ඇති බවයි.

ජාත්‍යන්තර ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයට එළැඹීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යූගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවසන් නිගමනයන්ට එළැඹීමට අපේක්ෂා කරන බවද මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දෙන්නන් සමඟ මූලික වශයෙන් ඩොලර් බිලියන 7.1ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමටයි නියමිතව ඇත්තේ.