― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPolitical"ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් වගන්තිවලට මාත් එකඟ නෑ"

“ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් වගන්තිවලට මාත් එකඟ නෑ”

යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇති සමහර වගන්තිවලට තමාද එකඟ නොවන බවත් එම කොටස් හේතුවෙන් බරපතළ තත්ත්වයක් හට ගත හැකි බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පැවසීය.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ රූපවාහිනි නාළිකාවක පැවැති දේශපාලන සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත මගින් අවසර දී ඇති සමහර කරුණු අවභාවිත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් එයට කිසි විටෙක ඉඩ නොතැබිය යුතු බවත්ය.

පොලිසියේ ඪෛඝ් කෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කරන්න ත්‍රස්ත විරෝධී පනත මගින් අවසර දීම සම්බන්ධයෙන් තමා එකඟ නොවන බව පැවසූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි අවස්ථාවක් කිසිදු ආකාරයකින් නිර්මාණය වන්නට ඉඩ දිය නොහැකි බවයි.

එවැනි බලතලයක් අමාත්‍යවරයකු යටතේ හෝ එසේත් නැත්නම් අවම වශයෙන් ආරක්‍ෂක ලේකම් යටතේ පැවතිය යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.