26 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපස්මස් ගැබිණියට සැමියා කළ අපරාධය

පස්මස් ගැබිණියට සැමියා කළ අපරාධය

කිලිනොච්චිය – අක්කරායන්කුලම් පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී තම බිරිඳට වෙඩි තබා තුවාල සිදු කළ සැමියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අක්කරායන්කුලම් පොලිසිය පැවසුවේ ඊයේ (11) සවස මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

තුවාල ලැබූ පස්මස් ගැබිණි කාන්තාව වහා අක්කරායන්කුලම් රෝහලට රැගෙන ගොස් එතැන් සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය දිසා රෝහලට යවා ඇති අතර එහිදී ඇය හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ වී ඇත්තේ 33 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇය බරපතල තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැමියා බීමට ඇබ්බැහි වී සිටින නිසා පවුල තුළ නිතර ආරවුල් ඇති වන බවත් මේ හේතුවෙන් බිරිඳට වෙඩි තබා ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අක්කරායන්කුලම් පොලිසිය විසින් 40 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.