― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහේස්ත්‍රාත්වරයෙකුගේ මෝටර් රථයකට බාධා කර තර්ජනය කළ දෙදෙනාට ඇප

මහේස්ත්‍රාත්වරයෙකුගේ මෝටර් රථයකට බාධා කර තර්ජනය කළ දෙදෙනාට ඇප

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගමන්ගත් මෝටර් රථයට අයුතු අවහිරයක් සිදු කර සාපරාධී බලහත්කාරය පා බැණ වැදී සාපරාධී බිය ගැන්වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිදෙනකු දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැර තිබෙනවා.

මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතායි අද (12) පස්වරුවේ මෙම නියෝගය ලබාදුන්නේ.

එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මෙලෙස නිදහස් කෙරුණේ බැලුම්මහර සහ දංකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

සෑම මසකම අවසාන ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර මිනුවන්ගොඩ පොලිසියේ පෙනී සිටින ලෙසට ද ඇප නියම වූ සැකකරුවන් තුන් දෙනාට නියෝග කෙරුණා.

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් එන්.ඩී. බංදුල ගුණරත්න මහතා මිනුවන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදු කල පරීක්ෂණවලට අනුවයි සැකකරුවන් තිදෙනා සමග අයුතු අවහිරය සිදු කිරීම සඳහා යොදාගත් මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මහේස්ත්‍රාත්වරයා ගමන් ගත් මෝටර් රථය කටුනායක ගුවන්තොටුපොලේ සිට මිනුවන්ගොඩ දෙසට ගමන් කරමින් තිබිය දී එම රථයට විවිධ ආකාරයෙන් බාධා කරමින් සැකකරුවන් ගමන් ගත් මෝටර් රථය ධාවනය කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

සැකකරුවන් ගමන් ගත් වාහනයේ ලියාපදිංචි අංකය ඔස්සේ පරීක්ෂණ සිදු කර සැකකරුවන් තිදෙනා සමග එම මෝටර් රථය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ.