― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහ බැංකුවේ ලක්ෂ 50ක් හොරු අරන්?

මහ බැංකුවේ ලක්ෂ 50ක් හොරු අරන්?

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කොටුව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

එහි අංශ භාර ප්‍රධානියා විසින් ඊයේ (11) සවස මෙම පැමිණිල්ල සිදු කර ඇත.

එහි ප්‍රධාන ගොඩනැගිල්ලේ භූගත තුන්වැනි මහලේ මුදල් ගබඩා කර තිබූ අධි ආරක්ෂිත ක්‍රමවේද හා කැමරා ඇති කාමරයක් තුළ වූ මුදල් බන්ඩල අතරින් එක් බන්ඩලයක අඩුවක් ඇති බවයි එම නිලධාරියා පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.

අලුත් අවුරුද්ද වෙනුවෙන් මහ බැංකුවෙන් අනෙකුත් බැංකු වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ රුපියල් බිලියන විසි ගණනක මුදල් බන්ඩලවලින් එකක් මෙසේ අඩුවී ඇතැයි පෙනී යන බවයි මහ බැංකු නිලධාරීන් පවසන්නේ.

අතුරුදන් වූ බව කියන නෝට්ටු බන්ඩලය සෙවීම සඳහා යළිත් ගණනය කිරීමක් කර බලන බව පැමිණිලිකරු පවසා ඇති අතර පැමිණිල්ලට අනුව මුදල් බන්ඩලය අස්ථානගත වී ඇත්දැයි සෙවීමට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත පොලිස් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන්, ඇඟිලි සලකුණු නිලධාරීන් යොදවා විමර්ශනයක් අරඹා තිබේ.