30 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ණය ගැන ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ තීරණය හෙට

මෙරට ණය ගැන ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ තීරණය හෙට

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල ගැන ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් හෙට (13) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ස්ප්‍රිං සමුළුවට සමගාමීව මෙම සාකච්ඡාව ක්‍රියාවලිය සිදුකරනු ලබන අතර අමෙරිකාවේ වොෂිංටන්හිදී අදාළ රටවල් විසින් ඒ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළකිරීමටයි ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය තීරණය කර තිබුණේ. ඒ අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද අදාළ රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හෙට දිනයේ සිදුකිරීමට නියමිතය.